ප්‍රමුඛ පුවත 1

කුණු කන්ද නායමෙන් පසු අවට ප්‍රදේශ වලට සෞඛ්‍ය තර්ජන

(උදයම්,කොළඹ)  –  මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් දීර්ඝ කාලීන සහ කෙටි කාලීන සෞඛ්‍ය  තර්ජන එල්ල වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගම පෙන්වා දෙයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම ප්‍රදේශයේ වැසිකිළි වලට හානි සිදුවීම නිසා ජල පෝෂක ප්‍රදේශ පවා දුෂණය වී ඇති බවට හඳුනාගෙන ඇති බවය.

මේ නිසා මීතොටමුල්ල අවට ප්‍රදේශ වල හෝ වගා කර ඇති පලා වර්ග සහ පළතුරු ආහාරයට ගැනීමෙන් වැළකිමට වගබලා ගතයුතු බව උපුල් රෝහණ මහතා පැවසීය.

කුණු කන්ද ආශ්‍රිතව සිටි මැස්සන්, කැරපොත්තක් සහ මීයන් වැනි සතුන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා එම සතුන් වෙනත් ප්‍රදේශ ආශ්‍රිතව බෝ වීම ප්‍රවණතාවක්  ඇති බැවින් එම සතුන් මිනිසුන්ගේ වාසස්ථාන වෙත පැමිණිය හැක.ඒ හරහා ජනතාවට සෞඛ්‍යය තර්ජන එල්ලවීමට ඉඩ ඇත.

ඊට අමතරව චර්ම රෝග පැතිර යාමට ඉඩ ඇති බැවින් මේ සම්බන්ධයෙන්ද ඒ අවට ප්‍රදේශ වල ජනතාව අවධානය යොමු කළ යුතු වේ.

එමෙන්ම කුණු කන්දේ තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ජල පෝෂක වලට එකතු  වීම හේතුවෙන් දීර්ඝ කාලීන සෞඛ්‍යය ප්‍රශ්න ඇති විය හැක.

එමෙන්ම කසළ  කන්දේ තිබුණු විවිධ රසායණික ද්‍රව්‍යය සහ ලෝහ වර්ග නිසාද, කුණු කන්ද නායා යාම නිසා සිදුවිය හැකි රසායණික වෙනස් වීම් නිසාද දීර්ඝ කාලීන විවිධ සෞඛ්‍යය ගැටළුකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති  බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

අවතැන් වූවන් තාවකාලිකව පදිංචි කර ඇති ස්ථාන වල සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් යම් චර්ම රෝග තත්ත්වයක්, අසාමාන්‍යය උණක් හෝ වෙනත් රෝග තත්ත්වයක් පවතී නම් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් මීතොටමුල්ල අවට පදිංචිකරුවන්ගෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය විශේෂ ඉල්ලීමක් කරයි.

Related posts

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

අතුල් කේශප් මහතා ගෝඨාභය ගැන ඇසු කතා

Mohamed Dilsad

බ්‍රික්සිට් පනතට බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment