ප්‍රමුඛ පුවත 1

බැසිල්ට එරෙහි නඩුවත් කල් යයි

(UTV| කොළඹ) – හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු විභාගය ලබන වසරේ මාර්තු 15 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ නියෝග කරයි.

අද එම නඩුව විභාගයට ගත අවස්ථාවේ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා මෙම නියෝග කළේ ය.

බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග වන්නේ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක් වැය කර දිවිනැගුම ප්‍රතිලාභලභීන් අතර සෙවිලි තහඬු බෙදා හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන වෙනත් නඩු විභාගයකට පෙනී සිටින බවින් මෙම නඩු විභාගය කල් දමන ලෙස නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා තිබිණ.

ඒ අනුව නඩු විභාගය ලබන වසරේ මාර්තු 15 වන දා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, කිත්සිරි රණවක, බන්දුල තිලකසිරි සහ වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීම නීත්‍යානුකූළව අවසර දී නෑ .රජය කියයි

Mohamed Dilsad

වල්ලපට්ටා සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාගේ ප්‍රකාශයට අදහස් දැක්වූ මැති ඇමතිවරුන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment