ප්‍රමුඛ පුවත 1

කමීර් නිසාම්දීන් ඕස්ටේ‍්‍රලියානු පොලීසියට නඩු පැවරීමට සුදානම්

(UTV| කොළඹ) – ඔස්ටේ‍්‍රලියානු පොලීසියට නඩු පවරන බව එරට වෙසෙන ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඞ් කමීර් නිසාම්දීන් පවසයි.

ඒ අසත්‍ය චෝදනා නගා තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවය.

ඔස්ටේ‍්‍රලියානු පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඉකුත් අගෝස්තු මස 30වනදාය. මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවටත්, ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුම් කළ බවටත් ඔහුට චෝදනා කෙරුණි.

සිඞ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමට අදාළ සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබී හමුවූ බව ඔස්ටේ‍්‍රලියානු පොලීසිය පවසයි.

නමුත්, මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට පිළිගත හැකි කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත.

ඒ අනුව ඔහුට එරෙහි සියලූ චෝදනා ඉවත් කර ගැනීමට ඔස්ටේ‍්‍රලියානු පොලීසිය කටයුතු කළ අතර ඔහු ඇප මත මුදා හැරීමට ඔස්ටේ‍්‍රලියානු අධිකරණය නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා රාජකාරි අරඹයි [VIDEO]

Mohamed Dilsad

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් 17දායින් අවසන්

Mohamed Dilsad

අධ්‍යාපනය උදෙසා සුවිශේෂී ආයෝජනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment