ප්‍රමුඛ පුවත 1

කමීර් නිසාම්දීන් ඕස්ටේ‍්‍රලියානු පොලීසියට නඩු පැවරීමට සුදානම්

(UTV| කොළඹ) – ඔස්ටේ‍්‍රලියානු පොලීසියට නඩු පවරන බව එරට වෙසෙන ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඞ් කමීර් නිසාම්දීන් පවසයි.

ඒ අසත්‍ය චෝදනා නගා තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවය.

ඔස්ටේ‍්‍රලියානු පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඉකුත් අගෝස්තු මස 30වනදාය. මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවටත්, ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුම් කළ බවටත් ඔහුට චෝදනා කෙරුණි.

සිඞ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමට අදාළ සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබී හමුවූ බව ඔස්ටේ‍්‍රලියානු පොලීසිය පවසයි.

නමුත්, මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට පිළිගත හැකි කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත.

ඒ අනුව ඔහුට එරෙහි සියලූ චෝදනා ඉවත් කර ගැනීමට ඔස්ටේ‍්‍රලියානු පොලීසිය කටයුතු කළ අතර ඔහු ඇප මත මුදා හැරීමට ඔස්ටේ‍්‍රලියානු අධිකරණය නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද දුම්රිය වෘත්තීය සමීති හා බළධාරීන් අතර විශේෂ සාකච්ඡා හමුවක්.

Mohamed Dilsad

පොලිස්පතිට සහ හිටපු ආරක්‍ෂක ලේකම්ට සිතාසි

Mohamed Dilsad

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

Mohamed Dilsad

Leave a Comment