විදෙස්

ජමාල් කශෝගිගේ සිරුර සොයා මෙහෙයුම් දැඩි කෙරේ

(UTV| කොළඹ) – සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීම පිලිබද පරීක්ෂණ පවත්වන තුර්කි පොලීසිය සිය මෙහෙයුම් පුළුල් කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ  සෞදි කොන්සල් කාර්යාලය නුදුරෙන් වූ වන පෙදෙසේ ද මෙහෙයුම් ආරම්භ කර එහි ඔහුගේ සිරුරු කොටස් සගවා ඇත්දැයි සොයා බැලු බවයි.

පසුගිය ඔක්තෝම්බර් දෙවනදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ ජමාල් කශෝගි එය තුළදී සෞදි කණ්ඩායමක් විසින් ඝාතනය කරන්නට ඇති බව තුර්කියේ අදහස වී  තිබේ.

ඒ සදහා ශ්‍රව්‍ය, දෘෂ්‍ය සාක්ෂි පවතින බව එරට රජය පැවසීය.

තුර්කි බලධාරින් සෞදි කොන්සල් කාර්යාලය සහ ඊට මීටර් 200 ක් ඈතින් වූ කොන්සල්වරයාගේ නිවහන ද දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට

Mohamed Dilsad

චීන සැලැස්මට පුටින්ගෙන් යහපත් ප්‍රතිචාර

Mohamed Dilsad

අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment