ප්‍රමුඛ පුවත 1

මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා ඉවත් කර ගනී

(UTV|ඕස්ට්‍රේලියාව) – ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය මගින් ඉවත් කර ගනී.

ත්‍රස්තවාදී චෝදනා හේතුවෙන් ඔහු පසුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කළ බවට මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

25 හැවිරිදි නිසාම්ඩීන්ගේ නිර්දෝෂීභාවය තවදුරටත් තහවුරු වීම හේතුවෙන් ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ඉවත් කරගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය ක්‍රියාකර තිබේ.

නිසාම්ඩීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥයා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

කරුණා අම්මාන්ගෙන් නව පක්ෂයක්

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment