ප්‍රමුඛ පුවත 1

මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා ඉවත් කර ගනී

(UTV|ඕස්ට්‍රේලියාව) – ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය මගින් ඉවත් කර ගනී.

ත්‍රස්තවාදී චෝදනා හේතුවෙන් ඔහු පසුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කළ බවට මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

25 හැවිරිදි නිසාම්ඩීන්ගේ නිර්දෝෂීභාවය තවදුරටත් තහවුරු වීම හේතුවෙන් ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ඉවත් කරගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය ක්‍රියාකර තිබේ.

නිසාම්ඩීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥයා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු පළාත් සභා මැතිවරණ එක වර පැවැත්වීමට යෝජනාවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙට – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment