විදෙස්

මයිකල් චන්ඩමාරුතයෙන් ඇමෙරිකාවට විශාල හානියක්

(UTV|ඇමෙරිකාව) –  මයිකල් චන්ඩමාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

පැයට කිලෝමීටර් 250 ක වේගයකින් කඩා වැදුණු මයිකල් චන්ඩමාරුතය ජීවිත 6ක් බිලි ගෙන ඇති බව වාර්තාවේ.

මෙම සුළිකුණාටුව මධ්‍යම ඇමෙරිකාව හරහා  ඇමරිකාවට පැමිණි අතර මධ්‍යම ඇමෙරිකානු රටවල ජීවිත 13 ක් බිළි ගත්තේය.

සුළි සුළග නිසා ෆ්ලොරිඩා, ඇලබාමා, කැරොලයිනා සහ ජෝර්ජියා ප්‍රාන්තවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසකට විදුලිය ඇණ හිට  ඇති අතර තුන්ලක්ෂ 70,000 කට වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබාදී ඇත.

6000 කට අධික සංඛ්‍යාවක් තාවකාලික කදවුරුවල රදවා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්විට්සර්ලන්තයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

මනුෂ්‍ය ඝාතන වැඩිම වසර 2019යි

Mohamed Dilsad

වෙනිසියුලාවේ බොර තෙල් ආකර ඇමෙරිකාව අත්පත් කර ගනී.

Editor O

Leave a Comment