ප්‍රමුඛ පුවත 1

රොනී ලීච් මහතාගේ දේහය දිවයිනට රැගෙන එයි

(UTV| කොළඹ) – ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වන අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දිවයිනට රැගෙනවිත් තිබේ.

ඒ අනුව දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 6.00 සිට හෙට පස්වරු 2.00 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන බව  පවුලේ ඥාතියෙකු පැවසුවේය.

ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී හෙට පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතය.

මිය යන විට 65 වන වියේ පසු වූ රොනී ලීච් මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

සංගීත ප‍්‍රසංගයකට සහභාගී වීමට ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ගොස් සිටි රොනී ලීච් මහතා ප‍්‍රසංගය නිම කර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා මිය ගියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි…

Mohamed Dilsad

මෙරට වෙළඳ පොලට පෙරළිකාර vivo S1 හඳුන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment