ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලට වෙනදේ

(UTV| කොළඹ) – අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට නැවත ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතය.

ඒ මෑතකදී හඳුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුවය.

මෙහිදී ලෝක වෙළඳපොලේ මිල සහ විනිමය අනුපාතය වැනි කරුණු මේ සඳහා සලකා බැලෙන අතර මෙම මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල අවසන් වරට සංශෝධනය කෙරුණේ පසුගිය මස 10 වනදායි.

පෙට‍්‍රල් සහ ඞීසල් යන ඉන්ධන වර්ග දෙකේම මිල එහිදී සංශෝධනය කෙරුණි.

මේ අතර ඊයේ පැවති ජනහමුවකදී  මාධ්‍යවේදීන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉන්ධන මිල සම්බන්ධයෙන් විමසා සිටියේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළඳ පොලේ පවතින ඉන්ධන මිල මෙරට මිල සූත‍්‍රයට ගළපා අදාළ නිලධාරීන් විසින් නව මිල ගණනය කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

අද (15) දිනයෙත් වැසි වැටෙයි

Mohamed Dilsad

පොහොට්ටු ජනාධිපතිවරණ අපේක්ෂකයා ජාතික සම්මේලනයේදි – විපක්ෂ නායක

Mohamed Dilsad

Leave a Comment