ක්‍රීඩා

ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ලකුණූ 201 ක ඉලක්කයක්

(UTV| කොළඹ) – වයස අවුරුදු 19 පහළ අසියානු කුසලාන තරගාවලියේ “බී” කාණ්ඩය යටතේ අද (02)  බංග්ලාදේශයේදි පැවැත්වෙන  ,පාකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 04 කදී ලකුණූ 200 ක් රැස් කළේය.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ ජයග්‍රහණය සඳහා ලකුණූ 201 ක් රැස් කළ යුතුය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නේය.

“බී” කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවැනි හා අවසන් තරගය මෙය වෙයි.

මීන් පෙර බංග්ලාදේශ හා හොංකොං කණ්ඩායම් සමග පැවැති තරග දෙකම ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/10-02.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය බංගලාදේශයට

Mohamed Dilsad

වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මෙරට සියලුම ක්‍රිකට් තරගාවලි නැවත දැනුම් දෙන තුරු කල් දමයි.

Mohamed Dilsad

Leave a Comment