ප්‍රමුඛ පුවත 1

“සිඟිති සිතැඳි රූ” සිතුවම් දැක්ම ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘සිඟිති සිතැඳි රූ’ සිතුවම් දැක්ම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී ආරම්භ කෙරිණි.

කලාව මඟින් ළමා මනස සුවපත් කිරීමේ අරමුණ ඇතිව Art of Life ළමා චිත‍්‍ර පුහුණු සමාජය විසින් මෙම සිතුවම් දැක්ම සංවිධානය කර තිබු අතර වයස අවුරුදු 03 ත් 12 ත් අතර දරුවන් ඒ සඳහා සහභාගී කරවාගෙන තිබිණි.

මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා දරු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. සිඟිති සිතැඳි රූ සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

එමෙන්ම සුවිශේෂී දක්ෂතා දැක්වූ දරුවන්ට තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අද දින උපන්දිනය සමරන තිසිනි සමන්තා ලියනගේ දැරියට ජනාධිපතිතුමා අතින් පැළයක් ද පිළිගැන්විණි.

ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී තිලක් කලුලියනගේ මහතා ඇතුළු Art of Life ළමා චිත‍්‍ර පුහුණු සමාජයේ දරු දැරියන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිතුමාගේ රුව රැගත් සිතුවමක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ප‍්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ, එඩ්වින් ආරියදාස යන මහත්වරුන් ඇතුළු කලාකරුවන්, විද්වතුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇතින්නට වෙඩි තැබූ වනජීවී නිලධාරියාට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

හිමි නමක් පහරදී පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment