ප්‍රමුඛ පුවත 1

ඇතින්නට වෙඩි තැබූ වනජීවී නිලධාරියාට ස්ථාන මාරුවක්

(උදයම්,අනුරාධපුරය)  – වගා ළිඳකට වැටී සිටි ඇතින්නක් ගොඩට ගැනීමට යාමේදී වෙඩි ප්‍රහාරයකින් මියයාමේ සිද්ධියට සම්බන්ධ බව කියන වනජීවී නිලධාරියා අනුරාධපුරය වනජීවී කාර්යාලයට මාරුකර යවා ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශ පවසයි.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

පසුගිය 16වනදා වව්නියාව ඕමන්තේ කොම්බුවයිත්ත කුලම් වැව ආසන්නයේ වගා ළිඳකට වන අලි 4 දෙනෙකු වැටී තිබුණි.

පෙරේදා වගා ළිදේ සිටි ඇතින්න ගොඩට පැමිණි අවස්ථාවේදී අසළ තිබූ බැකෝ යන්ත්‍රයට මෙන්ම එහි සිටි පිරිසට ද පහරදීමට තැත් කරන අවස්ථාවේ වනජීවි නිලධාරියෙකු ඇතින්නට වෙඩි තබා තිබේ.

Related posts

මිලියන දෙකක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වැඩි වූ බස් ගාස්තු මෙන්න

Mohamed Dilsad

මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment