ප්‍රමුඛ පුවත 1

වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අනාවැකි

(UTV| කොළඹ) – රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට රජය අද සිට ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් ඉදිරියේදි වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ  යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් රට තුළ වාහන හිඟයක් ද ඇති විය හැකි බවයි.

වාහන සඳහා කල්බදු පහසුකම් ලබා ගැනීමේදී පනවා ඇති නව කොන්දේසිවලට තම සංගමයේ දැඩි විරෝධය පළ කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම නව කොන්දේසි හේතුවෙන් රට තුළ අභ්‍යන්තර මුදල් සංසරණ ක්‍රියාවලියට බලපැම් එල්ලවීමෙන් වාණිජ බැංකු, අළෙවිකරුවන් සහ කල්බදු සමාගම් දැඩි අර්බුදයකට පත්විය හැකි බවද සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ජනතාව රවටන පුද්ගලයින් ගැන කතාකර වැඩක් නෑ [VIDEO]

Mohamed Dilsad

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක් වෙයි.

Mohamed Dilsad

Leave a Comment