ප්‍රමුඛ පුවත 1

කඩුවෙල – බියගම මාර්ගයේ ධාවන කටයුතු අත්හිටුවයි

(UTV| කොළඹ) – කඩුවෙල කැළණි ගඟ හරහා  බියගම මාර්ගය අද රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ කඩුවෙල කැළණි ගඟ හරහා ඉදිකළ බේලි පාලම අද දිනයේ ගලවා ඉවත් කරන බැවිනි.

මේ නිසා අද රාත්‍රී 7සිට හෙට උදෑසන 6 දක්වා කඩුවෙල සිට බියගමට ප්‍රවේශවන මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට නියමිතය.

නමුත් අධිවේගී මාර්ගය හරහා කඩුවෙල සිට බියගමට ප්‍රවේශ විය හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිම් බෝම්බ ඉවත් කිරිමට ජපන් රජය රුපියල් මිලියන 90ක්

Mohamed Dilsad

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 යි

Mohamed Dilsad

ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට තුළ සාදයක් පැවැත්වීම ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment