ප්‍රමුඛ පුවත 1

මල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි

(UTV|මාරවිල) – මල් වගාවක් පවත්වා ගෙන යන මුවාවෙන් සිදුකර ගෙන ගිය ගංජා වගාවක් වැටලයි.

මාරවිල පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.

ඊයේ (25) පස්වරුවේ නාත්තන්ඩිය ,පනන්ගොඩ ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත.

විශාල පොල් ඉඩමක් තුළ මල් වගාවක් සිදුකරන මුවාවෙන් කළු ඉටි රෙදි වලින් වට කර මෙම ගංජා වගාව සිදුකර ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම ස්ථානයේ තිබී මල්පෝච්චි වල අඩි 02 සිට 05 ක් පමණ උසට ඉතා සරුවට වැඩුණු ගංජා පැල 1100ක් මාරවිල පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙහිදී  සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නාත්තන්ඩිය සහ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙක් ගංජා වගාවේ හිමිකරු වන අතර, අනෙක් සැකකරු සේවකයෙකු ලෙස හදුනාගෙන තිබේ.

මොවුන් විසින් වගා කර ඇත්තේ කේරල ගංජා නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා ගංජා විශේෂයක් බව පොලිසිය සඳහන් කරයි .

මුලික පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ සැකකරුවන් විසින් අදාල ඉඩම පළතුරු වගා කිරීම සදහා යැයි පවසා බදු පදනමක් මත ලබා ගෙන ඇති බවයි.

එම ස්ථානයේ තිබී ගංජා පානය කිරීම සදහා සැකකරුවන් විසින්ම සකස් කරන ලද විශේෂ උපකරණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් ගංජා තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.

සැකකරුවන් සහ ගංජා තොගය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිය සඳහාත් මිල සූත්‍රයක්‌

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ සිට මත් ජාවාරම් මෙහෙයවූ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නියෝගය ලබා දෙන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment