ප්‍රමුඛ පුවත 1

2019 අයවැය කලින් එයි

(UTV| කොළඹ) – 2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

එය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නමුත් පෙරේදා (17)  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.

අයවැය යෝජනාවලිය නොවැම්බර් 08 වැනිදා ඉදිරිපත් කර දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්විමට මීට පෙර තිරණය කර තිබූ අතර, එම දින ප‍්‍රමාණවත් නොවන බවට විපක්ෂය කළ ඉල්ලීම සලකා මෙම තීරණය ගෙන ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් මස 05 වැනිදා සවස අයවැය කතාව ඉදිරිපත් කරන අතර, පාර්ලිමේන්තුව පස්වරු 2.00 ට රැස්වීමට නියමිතය.

ඒ අනුව දින 26 ක කාලයක් අයවැය විවාදය පැවැත්විමට නියමීත අතර නොවැම්බර් මස 07 වැනිදා සිට නොවැම්බර් මස 14 වැනිදා දක්වා අය වැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර 14 වැනිදා සවස අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

ඉන්පසු අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. සෙනසුරාදා දිනවලද විවාදය පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 08 වැනිදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

Mohamed Dilsad

2021 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී.

Mohamed Dilsad

ලබන වසරේ රජයේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම සම්මතයි

Mohamed Dilsad

Leave a Comment