ප්‍රමුඛ පුවත 1

විදේශ කටයුතු අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද  (09) බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක  නිරත වීමට නියමිතය.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 14 වන දින දක්වා අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට නියමිත බවයි.

2016 වර්ෂයේ ජුලී මාසයේ පැවති ජනමත විචාරණයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ නව ආණ්ඩුව බිහිවීමෙන් පසුව මෙරට ඉහළ පෙළේ නියෝජිතයෙකු බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණයි.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය ඉහළ පෙළේ නියෝජිතයන් දැනුම්වත් කිරීමට ද නියමිතය.

Related posts

බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

යල කන්නයේ වගා හානිවුවන්ට වන්දි

Mohamed Dilsad

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

Mohamed Dilsad

Leave a Comment