ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තුවටත් මිල සුත්‍රයක් එයිද?

(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් අද (12) ලිඛිතව ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මාසයකට වරක් ඩීසල් මිල ඉහළ දැමීම නිසා බස් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

ඩීසල් මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් හිමියන්ට ගාස්තු ඉහළ දැමීමට ක්‍රමවේදයක් නොමැති නිසා ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් හිමියන්ට මාසයකට වරක් බස් ගාස්තුව ඉහළ දැමිය නොහැකි බවද එම සංගමය අවාධාරණය කරයි.

මේ නිසා ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යාංශයට පවරාගෙන ඩීසල් මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තුවත් ඉහළ දමා ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටින එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ ගණන් වැය කරලා මැෂින් ගෙනල්ලා ෆෝන් ටැප් කළේ මේ ආණ්ඩුව නෙවෙයි. – ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අදයි

Mohamed Dilsad

එජාපය පාදයාත්‍රාවට සුදානම්

Mohamed Dilsad

Leave a Comment