ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරු විරෝධයකට සැරසෙයි

(UTV| කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කිරීමට සැරසෙයි.

ඒ වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ 17 වන දා රැස්වන මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ නිර්නාමිකව ඉදිරිපත් කරනු ලබන චෝදනා පදනම් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශ දේශපාලනඥයින්ට එරෙහි වෛද්‍යවරුන්, දඩයම් කිරීමක නිරත වන බවයි.

නිර්නාමිකව ලද චෝදනාවක් පදනම් කර ගනිමින් අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයාට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් අනුරාධපුර රෝහලට පැමිණීම එවැනි සිදුවීමක් බව ඔවුන් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හදිසි ආපදා තත්ත්වයක දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන බවට සහතිකයක්

Mohamed Dilsad

දුම්රිය පැය 48 ක වර්ජනයක

Mohamed Dilsad

ඉන්දියාව එල්.ටී.ටී.ඊ යට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment