ප්‍රමුඛ පුවත 1

සී.වී. විග්නේෂ්වරන් අභියාචනාධිකරණය හමුවට

(UTV| කොළඹ) – උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඒ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඔහුට කළ දැනුම්දීමකට අනුවයි.

උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය ජුනි මස 29 අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

නමුත් අධිකරණ තීන්දුව අනුව, ඔහුට යළි අමාත්‍ය ධුරය ලබා නොදීම හේතුවෙන් මෙලෙස අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට පසුගිය අගෝස්තු මස 08 වනදා දැනුම්දී තිබුණි.

Related posts

පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට තවත් සැත්කමක්

Mohamed Dilsad

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට 15,000ක අත්තිකාරමක් [VIDEO]

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ – මුදල් ඇමති

Mohamed Dilsad

Leave a Comment