ප්‍රමුඛ පුවත 1

සාමන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (10) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු නියමිත අපේක්ෂයින් වෙනුවට ව්‍යාජ ලෙස ඉදිරිපත් වී විභාගයට පෙනීසිටි 03 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් තිබෙනවා.

විභාග ශාලා නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මාතර තිහගොඩ පුහුවැල්ල ප්‍රදේශයේ පාසලකදී මෙලෙස එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඊට පෙනී සිටිය යුතු නියමිත අපේක්ෂකයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස තවත්, ව්‍යාජ ලෙස අදාළ විභාගයේ ගණිතය පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තණමල්විල බෝදාගම පාසලකදී සැකකරුවෙක් සහ නියමිත අපේක්ෂකයාද අත්අඩංගුවට ගැනුණා.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 සහ 45 යන වයස්වල පසුවන වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ පාසලකදී ද ඊයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට ව්‍යාජ ලෙස පෙනී සිටි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඒ විභාග මධ්‍යස්ථානයෙන් සිදු කර තිබූ දැනුම්දීමකට අනුවය.

අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 19ක පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියළි කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

කාර්මීක දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ගාලු පාර ලෝටස් පාරෙන් වැසේ

Mohamed Dilsad

Leave a Comment