ප්‍රමුඛ පුවත 1

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

UTV | COLOMBO – නවක වධය නිසා ඉකුත් 2015 වසරේදී සිය දිවි හානි කර ගත් සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

අමාලි චතුරිකා නම් එම සිසුවියගේ මරණයට අදාළ සාක්‌ෂි පොලිසියට ලබා නොදීම සහ වසන් කිරීම සම්බන්ධයෙන් එවකට උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස ද සියදිවි නසා ගැනීමට අදාළ පැමිණිල්ල සම්බන්ධ පරීක්‌ෂණ පැවැත්වීම සහ නඩු පැවරීම පැහැර හැරීම පිළිබඳව හෝමාගම පොලිසියේ එවකට සිටි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට එරෙහිව පරීක්‌ෂණ පවත්වා සුදුසු දඬුවමක්‌ ලබාදෙන ලෙසද ඇමැතිවරයා තවදුරටත් ඉල්ලා තිබේ.

විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම ශිෂ්‍යයාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනකුගේ කෲර නවකවධයට ලක්‌ව දැඩි මානසික ව්‍යාධියකට ලක්‌ව ඇතැයි සඳහන් කරන රාජපක්‌ෂ මහතා 2015 වසරේ පෙබරවාරි මස 16 වැනිදා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.

එම මරණය ස්‌වාභාවික මරණයක්‌ නොවන බවද ඇමැතිවරයා සිය ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.

Related posts

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

Mohamed Dilsad

ඇවන්ට්ගාඩ් සභාපති රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

Mohamed Dilsad

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment