ප්‍රමුඛ පුවත 1

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය දින නියමයක් නොමැතිව වැසෙයි

(UTV| මිහින්තලය) – පවතින වියළි කාලගුණය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මේ අනුව සැප්තැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විභාගද දින නියමයක් නොමැතිව කල් දමන බව එ මහතා පැවසීය.

පවතින නියඟය හේතුවෙන් නේවාසිකාගාරවලට ජලය සැපයීමට නොහැකි බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම්දීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

පැපොල රෝගය පැතිර යෑම හේතුවෙන් පසුගිය 08 වනදා එම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමු බවත්, විභාග කටයුතු සඳහා සැප්තැබ්මර් 03 වන දා විශ්වවිද්‍යාලය විවෘත කිරීමට සැලසුම් කළද ජල ගැටලුව හේතුවෙන් දින නියමයක් නොමැති එය වසා දැමීමට අද (31) යළි තීරණය කළ බව එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ සුදානම

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

සැකකරුවන් පිරිසක් පලා ගිය වෑන් රථයකට පොලිසියේ වෙඩි

Mohamed Dilsad

Leave a Comment