ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු හිටපු මහ ලේකම්ට නොතීසි

(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුලේගොඩ මහතාට නොවැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණයෙන් නොතීසි නිකුත් කරයි.

ඒ, අද පෙරවරුවේය.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු 03ක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මෙලෙස ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

සාධාරණ හේතුවක් නොමැතිව අඛණ්ඩව වසර 03ක් සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු 03 පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය අද (13)

Mohamed Dilsad

සා/පෙළ අයදුම්කරුවන් 969 කට ප්‍රතිඵල නැහැ – විභාග කොමසාරිස් ජනරාල්

Mohamed Dilsad

කොළඹ කොටුවේ මුද්‍රණායතනයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment