ප්‍රමුඛ පුවත 1

සා/පෙළ අයදුම්කරුවන් 969 කට ප්‍රතිඵල නැහැ – විභාග කොමසාරිස් ජනරාල්

(UTV| කොළඹ) – 2017 පැවති අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

නවීන තාක්ෂණික උපකරණ භාවිත කර විභාග නීති රීති උල්ලංඝනය ඇතුළු තවත් විභාග අක්‍රමිකතා කිහිපයක්  පසුගිය කාලයේ දී වාර්තා විය. ඒ අනුව විභාග නීති රීති නිසියාකාරව පිළිපදිමින් විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා විභාග නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට හා පොලීසියට උපදෙස් ලබාදුන්නේය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි විභාග සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 2,798 ක් අයදුම්කරුවන් සම්බන්ධ සිද්ධීන්. ඒ පිළිබඳ මූලික විමර්ශන වලින් 1,829 දෙනෙකු නිදහස් වී  ඇති අතර ඉතිරි 969 දෙනාගේ ප්‍රතිඵල මේ අනුව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උඩවලවට බලහත්කාරයෙන් ඇතුළුවීමට හැදු දෙදෙනුකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගායක අමල් පෙරේරා දිවයිනට.

Mohamed Dilsad

ශ්‍රීලනිප 68 වැනි සංවත්සරය අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment