ප්‍රමුඛ පුවත 1

ජනපති අද නේපාලයට

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරක් සඳහා අද(28) දිනයේ නේපාලය බලා පිටත්ව යාමට නියමිතය.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව අරමුණුකර ගත් හතරවන බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුව ලබන 30 වන දින ආරම්භවිමට නියමිතය.

මේ අතර රටේ සංවර්ධනයේදී කිසිදු බේදයක් නොමැති අතර උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ද සංවර්ධනයේ ප්‍රතිලාභ උදා කරදීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා පළාතේ සියලු මහජන නියෝජිතයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ ද සහයෝගය අපේක්ෂා කරන බවයි.

උතුරු නැගෙනහැර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය දෙවන වරටත් ඊයේ(27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙල මෙන්ම ජනතාවගේ ජිවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් විධිමත් සහ කඩිනම් කිරිමට මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට තවත් සැත්කමක්

Mohamed Dilsad

ගුවන් යානයක් තුළදී කාන්තාවක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment