ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවක වැටුප් ගැටළුව ගැන වෘත්තීය සමිති කට අරී..

(UTV| කොළඹ) – දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන්නේ නම් ඊට සමගාමීව සිය වැටුප් ද වැඩි කළ යුතු බව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ (27) සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න සමග සාකච්ඡාවක් පැවැත්වීය.

නමුත් එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දුම්රිය සේවය පමණක් විශේෂ කොට වැටුප් වැඩිවීමක් සිදු නොවන බවයි.

සමස්ථ රාජ්‍ය සේවයේම පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමක් ඉකුත්දා පත් කෙරුණාණි.

ඒ අනුව කිසියම් ගැටලූවක් වේ නම් එම කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසද  අමාත්‍යවරයා සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් වෙත මෙහිදී  සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

සමුද්‍රීය පරිසර සභාව පළමු වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

Mohamed Dilsad

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය අද යාපනයේ දී රැස්වේ

Mohamed Dilsad

Leave a Comment