ප්‍රමුඛ පුවත 1

ජපාන විදේශ කටයුතු ඇමති අද දිවයිනට

(UTV|කොළඹ) – ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බව ජපන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම කාලය තුළ රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට නියමිත අතර දෙරටේ ද්වි පාර්ශික සබඳතා තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ අනිකුත් නායකයින් හමුවීමට නියමිත බව එම නිවේදනයේ සඳහන්ය.

මෙම සංචාරය මගින් ශ්‍රීලංකාව සහ ජපානය අතර පවතින පුළුල් සම්බන්ධතාවය තවදුරටත් තහවුරුවේ යැයි ජපන් තනාපති කාර්යාලය අපේක්ෂා කරයි.

මේ අතර අද දිනයේ ජපන් රජයේ ආධාර යටතේ කොළඹ වරායේදී නාවික මුර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමිමට නියමිතය.

එම යාත්‍රා 2 ක මෙරට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරිමට නියමිතව තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අදත්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment