විදෙස්

හිටපු අගමැති වජ්පායිගේ අභාවය හේතුවෙන් සතියක ශෝක කාලයක්

(UTV|ඉන්දියාව) – ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි.

පන්ජාබ්, උත්තර්කානද්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, හර්යානා හා ඔඩිෂා ප්‍රාන්තවල සියලු රාජ්‍ය ආයතන හා පාසල්වලට නිවාඩු ලබාදී ඇති බව ඉන්දීය වාර්තා අනාවරණ කළේය.

එම කාලය තුළ ඉන්දීය ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

අභාවප්‍රාප්ත වන විට 93 වැනි වියේ පසු වූ වජ්පායි මහතා, භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තෙවරක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය දැරීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රසීලයේ ඇති වූ ගංවතුර හේතුවෙන් 11 ක් මරුට.

Mohamed Dilsad

විෂබීජ නාශක දියර පානය කිරීමෙන් රුසියාවේ 7 ක් මරුට

Mohamed Dilsad

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment