ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා වැසි සහ තද සුළං

(UTV| කොළඹ) – දිවයිනේ වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමේ හැකියාව අද (15) දිනයේදීත් තවදුරටත් පවතින බවත් ,දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අද (15) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වන්නේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවය.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද කුරුණෑගල, ගාල්ල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති වන බවද එම නිවේදනයෙහි දැක්වේ.
මීට අමතරව දිවයින පුරා, විශේෂයෙන් වයඹ, උතුරු මැද,උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහහම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊ-හෙල්ත් කාඩ්පත අද සිට හඳුන්වා දෙයි

Mohamed Dilsad

දකුණූ පළාත් සභාව විසුරුවිමේ ගැසට් නිවේදනය සඳහා අත්සන් තැබයි.

Mohamed Dilsad

දකුණේ පැතිය ගිය උණ පාලනය කර ඇති බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment