ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

(UTV| කොළඹ) – අද (10) සිට ඉන්ධන වර්ග දෙකක මිල සංශෝධනය කර තිබේ.

ඒ මිල සූත්‍රයට අනුවය.

අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 2කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ නැංවූ බවයි.

ඒ අනුව රුපියල් 155කට පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 157 දක්වා ඉහළ දමා ඇත.

ඊට අමතරව සුපරි ඩීසල් ලීටරයක් රුපියල් 129 සිට රුපියල් 130 දක්වා ඉහළ නැංවේ.

කෙසේ වෙතත්,  ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඞීසල්වල මිලෙහි වෙනසක් සිදුව නොමැත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් තවදුරටත් රුපියල් 145 කටත්, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 118 කටත් අලෙවි කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට ලලිත් වික්‍රමරත්න පත් කෙරේ

Mohamed Dilsad

හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය [PRESS RELEASE]

Mohamed Dilsad

දකුණේ පැතිය ගිය උණ පාලනය කර ඇති බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment