ප්‍රමුඛ පුවත 1

ගතවූ මාස 8ට පාතාල කල්ලි සාමාජිකයින් 15 දෙනෙකු මරුට

(UTV| කොළඹ) – මේ වසරේ ගතවූ  කාලය තුළ පාතාල කල්ලි අතර ගැටුම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සඳහන් කළේ,එම ගැටුම්වලදී පුද්ගලයින් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

එහිදී  බස්නාහිර හා දකුණු පළාත්වල කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 52 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහෙයුම්වලදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවලදී මියගිය පාතල කල්ලි නායකයින් සංඛ්‍යාව 4කි.

ඔවුන් සතුව තීබූ ගිනි අවි 11 ක් උණ්ඩ හා තියුණු ආයුදධ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය පැවසී ය.

සැකකරුවන් සතුව තිබූ හෙරෝයින්,ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේනා උවදුරින් හානිවූ ගොවීන්ට වන්දි ලබාදීම මාර්තු වනදා සිට…

Mohamed Dilsad

යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි…

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

Mohamed Dilsad

Leave a Comment