විදෙස්

කරුණානිධිගේ ස්මාරකය ඉඳිකිරීමේ ස්ථානය ගැන අර්බුදයක්

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥ එම්. කරුණානිධිගේ ස්මාරකය ඉදිකෙරෙන ස්ථානය සම්බන්ධයෙන් දැඩි අර්බූදයක් මතුව ඇති බව වාර්තාවේ.

කරුණානිධිගේ ස්මාරකය, DMK පක්ෂය පිහිට වූ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, සී. එන්. අන්නාදුරෙයිගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරයේ ඉදිකර ඇති ස්මාරකය අසලම ඉදිකිරීමට අවසර දෙන ලෙස කරුණානිධිගේ පවුලේ සාමාජිකයින් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත රජය පවසා ඇත්තේ, මරීනා වෙරළ තීරය වෙනුවට මහත්මා ගාන්ධිගේ ස්මාරකය ඉදිකර ඇති ස්ථානය සමීපයේ කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන ලෙසයි.

කරුනානිධිගේ ස්මාරකය  මරීනා වෙරළ තීරයේ ඉදි කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඩී. එම්. කේ. පක්ෂය මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද පෙරවරු 8ට යළි සලකා බැලීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාශ්මීරයේ හිමකඳු නාය යෑමෙන් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ජපානයට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment