ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඇමරිකා හමුදා ප‍්‍රධානියෙකු වන ජෙනරාල් රොබට් බී. බ‍්‍රවුන් මහතාගේ ඇගයීමට

(UTV| කොළඹ) – ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරමින්, වත්මන් රජය ගෙනයන සංහිඳියා වැඩපිළිවෙල ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ පැසිෆික් කලාපීය අණදෙන නිලධාරී ජෙනරාල් රොබට් බී. බ‍්‍රවුන් මහතා ඇගයීමට ලක් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ආරාධනයක් පරිදි සිව් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජෙනරාල් රොබට් බී. බ‍්‍රවුන් මහතා  පසුගිය (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.

දකුණු ආසියානු කලාපීය අවබෝධය, හමුදා සහයෝගය සහ දෙරට අතර අන්‍යොන්‍ය මිත‍්‍රත්වයේ නව පරිච්ජේදයක් ඇරඹීමේ අරමුණින් ජෙනරාල් රොබට් බී. බ‍්‍රවුන් මහතා ශ‍්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරත විය.

කලාපීය ආපදා කළමනාකරණ ක‍්‍රියාවලියේ දී එක්සත් ජනපද හමුදාවට ශ‍්‍රී ලංකා හමුදාවට සහය විය හැකි ආකාරය සහ ශ‍්‍රී ලංකා සාම සාධක හමුදාවට ජාත්‍යන්තර පුහුණු අවස්ථාවන් විවර කර ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

බිම් බෝම්බ ඉවත්කිරීමේ කාර්යයේ දී මෙරට හමුදා දක්වන විශිෂ්ට දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ ජනරාල්වරයා, එහි දී පළ කෙරෙන වෘත්තීයභාවය ඉතා ඉහළින්ම අගය කළේය.

තිස් වසරක් පුරා පැවති ත‍්‍රස්තවාදී යුද්ධය විජයග‍්‍රහණය කිරීමෙන් පසු එම අත්දැකීම් එවැනි සන්නද්ධ ගැටලු විසඳීම සඳහා ගෝලීය හවුල්කරුවන් සමග හුවමාරුකර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාව සිහිපත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහියංගනය ත්‍රිරෝද රථ අනතුරෙන් අතුරුදන් වූ දරුවෙකුගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට 23 ටපෙර අයදුම් කරන්න

Mohamed Dilsad

දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන්

Mohamed Dilsad

Leave a Comment