ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා ලිතුවේනියා අතර තරඟය ජය පැරදුමකින් තොරව අවසන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව හා ලිතුවේනියා කණ්ඩායම් අතර පැවති සුහද පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්වෙයි.

වසර 6 කට පසු විදේශීය පාපන්දු කණ්ඩායමක් මෙර සංචාරයක යෙදුන පළමු අවස්ථාව මෙය වේ.

කොළඹ තුරග තරග පිටියේදී තරඟය විදුලි ආලෝකය මධ්‍යයේ  පැවැත්විණ.

තරගයේ පළමු අර්ධයේ ද කණ්ඩායම් දෙකට ම ගෝල රැස් කර ගැනීමට අවස්ථාවක් හිමි නොවුණි.

ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කළ ලිතුවේනියා පාපන්දු කණ්ඩායමට එරට ජාතික පිලේ ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ හා පසු පෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂතා හමුවේ ලිතුවේනියා ක්‍රීඩකයින්ට ද ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල රැස් කිරීමට අසමත්වීම හේතුවෙන් තරගය ජය පැරදුමෙන් තොරව තරගය නිමාවට පත්විය.

ලිතුවේනියාව හා ශ්‍රී ලංකා සංවර්ධන පාපන්දු කණ්ඩායම අතර මීළඟ තරගය අනිද්දා(10) කොළඹ තුරග තරග පිටියේ විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

LPL පළමු අර්ධ ශතකය වාර්තා කරයි

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment