ක්‍රීඩා

අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක්

(UTV|කොළඹ) – නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ  දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය දින 14 ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට යොමු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට චෝදනා එල්ලවීම හේතුවෙන් මෙලෙස පරීක්‍ෂණයක් පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග තීරකයන් ලෙස කටයුතු කළ විනිසුරුවරුන් මෙලෙස ඔවුන් දෙදෙනාව පරීක්ෂණයකට යොමු කිරීම සඳහා තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විනිසුරුවන් දෙපිලේම කළමණාකාරීත්වය දැනුවත් කර ඇති බව ද සඳහන් ය.

ඒ අනුව පසුගිය 18 වන දා සිට දින 14 ක් ඇතුළත් කේන් විලියම්සන් සහා අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට යොමු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

කෙසේ වෙතත් අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වන තෙක් අකිලට සහා කේන් විලියම්සන්ට ජාත්‍යන්තර තරග බිමේ පන්දු යැවීමේ බාධාවක් මතුවන්නේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියට සියල්ල සුදානම්

Mohamed Dilsad

බිනුර හදිසියේ ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment