ප්‍රමුඛ පුවත 1

නව ජනාධිපති ලේකම්වරක් පත් කෙරේ

(UTV| කොළඹ) – ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ප්‍රවීන පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා මීට පෙර රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරු හොබවා ඇත. වසර 26ක ධූර කාලය තුළ මහවැලි සංවර්ධන පරිසර,සෞඛ්‍ය,ක්‍රීඩ හා විද්‍යා තාක්ෂණ යන අමාත්‍යාංශ රැසක ඒ මහතා සිය මහජන සේවය ලබාදී තිබේ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තනතුර සඳහා උදය ආර්.සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළි සම්මානයට පාත්‍ර වෙයි

Mohamed Dilsad

ත්‍රස්ත බෝම්බකරුවන්ගේ දුරකථන ඇමතුම් 1800 ක් CID පරීක්ෂණයට.

Mohamed Dilsad

පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment