ප්‍රමුඛ පුවත 1

පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්

(UTV| කොළඹ) – ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සභාපතිවරයා නඩු විභාගය අවසන් වන තුරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණය අද(17) නියෝග කළේ ය.

2010 වසරේ ජනවාරි මස 16 වනදා මදුරන්කුලමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සභාපතිවරයාට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එහි ඇප කොන්දේසියක් ලෙස විදේස්ගත වීම තහනම් කරමින් මීට පෙර නියෝග නිකුත් කර තිබිණ.

නමුත් සභාපතිවරයා එම ඇප කොන්දේසි කඩකරමින් පසුගිය 9 වන දා විදෙස්ගත වීමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගනු ලැබිණ.

ඒ අනුව ඔහු අද(17) පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ මහතා නියෝගය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර කුමාර කියයි [VIDEO]

Mohamed Dilsad

රටට අවශ්‍ය වන්නේ පක්ෂවලට බෙදුණු මතවාදී දේශපාලනයක් නොවේ – ජනපති

Mohamed Dilsad

හදිසි නීති රේගුලාසි සම්මතයි

Mohamed Dilsad

Leave a Comment