ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුට ඩුබායිහිදී සිර දඩුවම්

(උදයම්,කොළඹ) – ආයුධ භාවිතය,පුද්ගල හා දේපල හානිය යන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන්වූ ශ්‍රී ලාංකීකයින් 6 කු සඳහා එරට අධිකරණය විසින් වසර 5 ක සිරදඬුවමක් නියම කරයි.
මෙම පුද්ගලයින් හයදෙනා ඩුබාහි නිවාස හා ස්වර්ණාභරණ කොල්ලකමින් මුදල් රැස් කිරීමේ නිරත වූ අය බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඒ අනුව තියුණු අවි භාවිතා කිරීම, පුද්ගල හා දේපල හානි සිදු කිරීම යන චෝදනා වලට  එරට අධිකරණය විසින් මොවුන් වරදකරු කර තිබේ.
මෙම පිරිස රැකියා විරහිත පුද්ගලයින් වන බවත් ඉන් එක් අයෙක් රියදුරු වශයෙන් සිට ඇති අතර මොවුන් ගෙවල්වල දොරවල් බිද දමා එහි තිබී ඇති සේප්පුවක් සොරකම් කර ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අධිකරණය විසින් මොවුන් රටින් පිටුවහල් කළ යුතු බවට දන්වා තිබේ.
මෙයට අදාළ නඩු විභාගය පසුගිය 2015 දෙසැම්බර් මස 11 වන දින එරට බර්ෂා නැමති පොලිස් ස්ථානයේ ලියපදිංචි කර තිබී ඇත. මෙම පිරිසෙන් 4 ක් එරට ගුවන් තොටුපලින් පැන යෑමට යන අවස්ථාවේ දී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

දඹුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් 25 කට තුවාල

Mohamed Dilsad

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment