ප්‍රමුඛ පුවත 1

තැපැල් වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය

(UTV| කොළඹ) – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ගෙන යන වර්ජනයට සිය වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය හිමිවන බව එම සමිතිය පවසයි.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ තම වෘත්තීය සමිති පෙරමුණ ටෙලිකොම්, බැංකු සහ දුම්රිය ඇතුලූ වෘත්තිය සමිතිවල සහය ඉදිරියේදී සිය වර්ජනයට හිමිවන බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ එම වෘත්තිය සමිතිවල නායකයින් සමඟ සාකච්ඡා සිදුකළ බවද ඔහු සඳහන් කළේය.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වුණි.

මීට පෙරද සාකච්ඡා වට කිහිපයක් පැවති අතර, ඒවාද අසාර්ථක වුණි.

තැපැල් සේවකයන් දින 11ක් තිස්සේ ක්‍රියාත්මක කරන වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාත්‍යන්තර තැපැල් කටයුතු බිද වැටීමේ අවදානමක්ද මේ වනවිට මතුව තිබේ.

මධ්‍යම තැපැල් හුවමාරුවේ මේවන විට ලිපි ලක්‍ෂ 16ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැතිට මැතිවරණ කොමීෂන් සභාවෙන් ලිපියක්…

Mohamed Dilsad

‘සියොන්’ දේවස්ථානය වෙත ප්‍රහාරකය පැමිණි යතුරුපැදිය සොයා ගනී

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ එම්. අම්ජාඩ් ගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment