ප්‍රමුඛ පුවත 1

මල්ලකම් කලහකරීත්වයට සම්බන්ධ පස්දෙනා රිමාන්ඩ්

(UTV| කොළඹ) – යාපනය මල්ලාකම් ප්‍රදේශයේ සිදුවූ ගැටුමට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.

යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.ඇලෙක්ස් රාජා මහතා අදාළ නියෝගය ලබා දී තිබේ.

පසුගිය 17 වැනිදා රාත්‍රියේ මල්ලාකම් ප්‍රදේශයේ දේවස්ථානයක පැවැත්වූ වාර්ෂික මංගල්‍යය අවස්ථාවකදි දෙපිරිසක් අතර ගැටුමක් හට ගැනුණි.

එම තත්වය පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද ගැටුමට සම්බන්ධ පිරිස් පහර දි ඇත.

එම අවස්ථාවේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිත්ක්ෂයට පත් වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලේ පොලිසියේ ප්‍රධානත්වයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවීන සූපවේදීනී ශාන්තා මායාදුන්නේගේ සහ දියණියගේ අවසන් කටයුතු අද.

Mohamed Dilsad

ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා ජනපති හමුවෙයි

Mohamed Dilsad

අධ්‍යාපනය උදෙසා සුවිශේෂී ආයෝජනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment