ප්‍රමුඛ පුවත 1

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

(UTV| කොළඹ) – බෞද්ධ උපදේශක මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින්වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප‍්‍රධාන ලේඛකාධිකාරි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින්වහන්සේ, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත මාහල්ලේ ධර්ම කීර්ති ශ‍්‍රී සුමංගල විපුලතිස්සභිධාන සංඝනායක ස්වාමින්වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුළු නිලධාරින් පරිසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

Mohamed Dilsad

මොරගහහේන ව්‍යාජ ලෙස ලේඛන, මුද්‍රා සකසන ස්ථානයක් වටලයි.

Mohamed Dilsad

මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් සංග්‍රාමය කල් යයි

Mohamed Dilsad

Leave a Comment