ප්‍රමුඛ පුවත 1

කෝටි හතරකට අධික විදෙස් මුදලක් රටින් ගෙනියන්න ගොස් අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ)  – විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ(06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම මුදල් වල වටිනාකම රුපියල් හාර කෝටි හැත්තෑ තුන් ලක්ෂ අසූ නව දහස් හාරසිය හතරයි ශත හැට තුනකි (4,73,89,404.63).

සැකකරු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

සැකකාර පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ස්කෑන් පරීක්ෂණ වලදී මෙම විදේශ මුදල් තොගය අනාවරණය කරගෙන රේගුව වෙත භාර දී තිබුණි.

මෙම විදේශ මුදල් තොගය මෙම පුද්ගලයා විසින් රැගෙන ආ ගමන් මලු 03 ක ව්‍යාජ පතුළ් වලත්, ඔහු විසින් රැගෙන අතේ රැගෙන ආ ලිපි ගොනු කවරයකත් සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මෙම විදේශ මුදල් අතර සෞදි රියාල් ,ඕමාන් රියාල් , ස්විස් ෆ්‍රෑන්ක් , ඩෙන්මාර්ක් ක්‍රෝනර් , නෝර්වේ ක්‍රෝනර් , ජපාන යෙන් , හොංකොං ඩොලර් , යූරෝ සහ ඇමෙරිකානු ඩොලර් ඇති බව රේගුව සඳහන් කළේය.

සැකකරු සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රියට ත්‍රිරෝද රථ රියදුරෙක් දුම්රියට බිලි

Mohamed Dilsad

තැපැල් ඡන්ද ගණනය කිරීම් ආරම්භ කෙරේ

Mohamed Dilsad

සමුද්‍රීය පරිසර සභාව පළමු වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

Mohamed Dilsad

Leave a Comment