ප්‍රමුඛ පුවත 1

වර්ජනයේ නිරත ජල සම්පාදන සේවකයින් අද කොළඹට

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට හා නඩත්තු කටයුතුවලට අදත් බාධා මතු විය හැකි බව වාර්තාවේ.

ඒ ජලසම්පාදන සේවකයින් වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙනි.

අතිකාල ප්‍රතික්ෂේප කිරීම සහ වැටුප් වර්ධක නොලැබීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති නඩත්තු කටයුතු අතිකාල සේවා ඇතුලු සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් වර්ජනය අදත් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය.244කෙසේ වෙතත් මෙතෙක් තම ඉල්ලීම්වලට විසඳුම් ලැබි නොමැති බවද ඔහු සඳහන් කළේය.

අද දහවල් 12.00 – 1.00 අතර ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය ඉදිරිපිට බස්නාහිර පළාතේ සේවකයින් සියලු දෙනා විරෝධතාවක නිරත වන බව උපාලි රත්නායක මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

Mohamed Dilsad

දෙමටගොඩදී දෙපිරිසක් ගැටෙයි

Mohamed Dilsad

කොටහේන – රාමනාදන් මාවතේ වාහන ගමනාගමනය සීමා කරයි

Mohamed Dilsad

Leave a Comment