ප්‍රමුඛ පුවත 1

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි.යළිත් වැසි

(UTV| කොළඹ) – නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංතත්වය ඉදිරිදින කිහිපයේදී හෙට(06) සිට වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් පවතිනු ඇත.

බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,සබරගමුව සහමධ්‍යමපළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

අම්පාර, බදුල්ල සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මන්නාරමසහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වේ.

දකුණුපළාතේත් මොණරාගල, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අගෝස්තු මාසයේදී.

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවත⁣ට

Mohamed Dilsad

Leave a Comment