ප්‍රමුඛ පුවත 1

සීමාවකින් තොරව වී මිලදී ගන්නැයි ඇමතිගෙන් උපදෙස්

(UTV|හම්බන්තොට) – සීමාවකින් තොරව ගොවීන්ගෙන් වී මිලදී ගන්නා ලෙස තමන් වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ මාස් කන්නයේ නෙලා ගන්නා ලද වී තොග ද මේ වන විට වෙළදපොළට ලැබෙමින් පවතින බවයි.

අම්බලන්තොට,දෙහිගහලන්ද වී අලෙවි මණ්ඩයට අයත් ගබඩා සංකීර්ණය ඊයේ(29) නිරීක්ෂණයට ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් ව්‍යාපාරිකයින් වී අස්වනු අඩු මිලට ලබා ගන්නා බවට ගොවීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව රජයේ සහතික මිල යටතේ සීමාවකින් තොරව වී මිලදී ගන්නා ලෙස තමන් වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

වස බී දැරියක් මරුට

Mohamed Dilsad

මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගය හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment