ප්‍රමුඛ පුවත 1

බුද්ධිමත් ම ළාබාලතමයන්ගේ ලැයිස්තුවේ පළමු තැනට ආ ලංකාවේ නිෂි

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකේය දෙමාපියන් දෙදෙනෙකුගේ එක ම දියණිය වී එක්සත් රාජධානියේ උපන් නිෂී උග්ගල්ල මහා බ්‍රිතාන්‍යයේ බුද්ධිමත් ම ළාබාලතමයන්ගේ ලැයිස්තුවේ පළමු තැනට පත්වෙයි.

තවමත් වයසින් 13 වැනි වියවත් පසු නොකළ නිෂීගේ  ‘මෙන්සා‘නම් බුද්ධිමතුන්ගේ සමාජයේ සාමාජිකත්වය ලබා ගන්නේ වයස අවුරුදු දහයේදී ය.

මෙන්සා සාමාජිකත්වය ලබාගැනීමේ පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් ලබාගත්තේ එම පරීක්ෂණයෙන් ලබාගත හැකි උපරිම ලකුණු මට්ටමට ළඟා වෙමිනි.

නිෂී, මෙන්සා සාමාජිකත්ව පරීක්ෂණයෙන් ලබාගත් ලකුණු ගණන ඇල්බට් අයින්ස්ටයින් ලබා ගත් ලකුණු ගණනටත් වඩ ලකුණු දෙකකින් වැඩි ය.

”මම මෙන්සා විභාගයෙන් ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා වැඩියෙන් ලකුණු ගත්තා වුණත් මම ඒ ගැන ආඩම්බර වෙන්නේ නැහැ. මොකද ඇල්බට් අයින්ස්ටයින් ලෝකයට වැදගත් වෙන්නෙ බොහෝ සොයා ගැනීම් කරපු කෙනෙක් නිසයි. ඒ තැනට එන්න මට තව ගොඩක් මහන්සි වෙන්න වෙනවා.”‍ නිෂී ඒ මොහොතේ එසේ පවසා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්කුඩු කිලෝ 8ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පරමාදර්ශීව අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත්වෙමු – අග්‍රාමාත්‍ය

Mohamed Dilsad

සුළු අපනයන බෝග අධිකාරියක් ඉදිකරන බවට සජිත්ගෙන් පොරොන්දුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment