ප්‍රමුඛ පුවත 1

බිබිලේ H1 N1 පැතිරීම පාලනය කෙරේ

(උදයම්,කොළඹ) – ඉන්ෆ්ලූවෙන්සා එච්.වන්.එන්.වන් රෝගය බිබිල ප්‍රදේශයේ පැතිරයාම පාලනය කිරීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

රෝගය පාලනය කිරීමට අවශ්‍ය සියලූ ඖෂධ සහ උපදෙස් කඩිනමින් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේය.

පසුගිය කාලය තුල ගැබිණි මව්වරුන් කිහිප දෙනෙකු ඇතුළු රෝගීන් 30 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදේශයෙන් වාර්තාවූ අතර, ඔවුන් බිබිල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

කෙසේ වෙතත් ඔවුන් සියලූදෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

Related posts

පස්වරුවේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Mohamed Dilsad

පාකිස්තානයේ සිට පැමිණෙන පොහොර නෞකාව ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

නාලක ද සිල්වා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment