ප්‍රමුඛ පුවත 1

ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වර්ධනයක්

(UTV| කොළඹ) – දිවයිනේ දකුණු අර්ධයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය ඉදිරි දිනවලදී වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

Leave a Comment