විදෙස්

ට්‍රම්ප්ගේ නියෝගය පරාජය වෙයි

(උදයම්,කොළඹ)  –   මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7 කින් සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගයට එරෙහිව පැන වූ අධිකරණ වාරණය එක්සත් ජනපද අභියාචනාධිකරණය විසින් ඊයේ තහවුරු කර තිබේ.

ඇමරිකානු අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඒකමතිකව එම තීරණයට එළඹී බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකානු අධිකරණයට යලි පරාජය වීමක් ලෙස සැලකේ.

කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව ජනාධිපති ට්‍රම්ප්ගේ නීතිඥයන් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරනු ඇති බවද වාර්තාවේ.

Related posts

ඉන්දියාවේ භූමිකම්පාවක්…

Editor O

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

Mohamed Dilsad

ඔක්ස්ෆර්ඩ් එන්නතට එංගලන්ත ඖෂධ අධිකාරියේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment